මීට මාස කිහිපයකට පමණ පෙර අප විසින් සහ වෙනත් මාධ්‍ය විසින් වාර්තා කරන ලද රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා අතින් අපයෝජනයට ලක් වූ බව කියවෙන එම පාසලේ වින්ධිත සිසුවා පසුගිය 22 වනදා රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙකුගේ පුතෙක් වන මෙම සිසුවාට එරෙහිව දුෂිත වැඩිහිටි ප්‍රජාව ,
පාසලක විදුහල්පති විසින් වරක් නොමග යවන ලදී. මෙම සිසුවාට දිගින් දිගටම වෙනත් ගුරුවරුන්ගෙන්ද නින්දා මෙන්ම අපහාස ද විදීමට සිදුව තිබුණි. අපද ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු එක් රැස් කරගන්නා ලදී.
එම සිසුවා ක්‍රිකට් කණ්ඩායමෙන් ද නෙරපා හැර තිබුණි. එම දරුවාට එය සිදුවන්නේ චූදිත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ මෙම සිසුවා එම කණ්ඩායමෙන් ඉවත් කළ පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු නව ක්‍රිකට් කණ්ඩායමක් සකසා එම කණ්ඩායමට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ගියද එම කණ්ඩායමේ නායකයා වන සිසුවෙකු කණ්ඩායමේ පුහුණුවීමට ඉඩ ලබා දී නැත.එමෙන්ම එම සිසුවාට දිගින් දිගටම එසේ කළ බැවින් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබේ.
ඉන් අනතුරුව කණ්ඩායමේ නායකයා රෝහල් ගතව තිබේ. පසුව වැඩිහිටියන් විසින් එය කතා බහ කර සමතයකට පත්කරගෙන තිබේ. එහි විශේෂත්වය වන්නේ රෝහල් ගතව සිටි සිසුවාගේ දෙමාපියන් විසින්ම පැමිණ එය සමතයකට පත්කරගෙන තිබීමයි.
මෙම දරුවන් දෙදෙනා අතර ප්‍රශ්නය ඇතිවන ලෙස කටයුතු කර තිබෙන්නේ ඇලෝසියස් විද්‍යාලයේම ක්‍රීඩා අංශ භාර ප්‍රධානියෙකු විසිනි. මෙය සිදුවන්නේ 2023 අප්‍රේල් මසදීය. අවුරුදු 18 ක් වීමට පෙර සිදු වූ සිදුවීමට අවුරුදු 18 ක් වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ තවත් කරුණු රාශියක් සමාජයෙන් වසන් කරමිනි.
මේ සිද්ධිය නැවත අලුත් කරනුයේ ඇලෝසියස් විද්‍යාලයේ ආදී සිසුවෙකු බව කියන උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් උදයකුමාර නමැති නිලධාරියෙකු සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරික්ෂක උත්පලා නැමති නිලධාරීන් විසිනි.
මෙම දෙදනා විසින් උපක්‍රමශීලිව මෙම දරුවාගේ දිවි තොරකිරීම සඳහා සැලසුම් සහගතව මෙම සිද්ධිය සිදුකර තිබෙන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප හා පැවසීය. මොවුන් මේ සියල්ලම සිදුකරනුයේ හිටපු විදුහල්පති වෙනුවෙනි. එසේම නව විදුහල්පතිට රාජකාරි කිරීමට ඉඩ නොදෙන්නේද මෙම නිලධාරීන් හා එකතුව සිටින ගුරුවරුන් ඇතුළු කණ්ඩායමක් බවද ප්‍රකාශ කරන ලදී.
තමන්ගේ දරුවාට දිගින් දිගටම අසාධාරණයන් සිදුවන්නේ නම් රටේ වගකිව යුතු ස්ථානවලට ලිඛිතව පැමිණිලිකර දරුවාට ශක්තියක් වීම මවගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වගකීමද වේ. එක ස්ථානයකින් යුක්තිය ඉටු නොවුනේ නම් ඉන් ඉහළ ස්ථානයත්, එතනිනුත් ඉටු නොවුනේ නම් ඉන් ඉහළ ස්ථානයටත් පැමිණිලි කිරීමටත් මේ සියලුම ස්ථානවලිනුත් දරුවාට යුක්තිය ඉටු නොවුනේ නම් අවසන් වශයෙන් අධිකරණය දක්වා යාමටත් වැඩිහිටියන් ලෙස දැනගෙන සිටිය යුතුය.
එසේ නොවන විට තමන්ට පමණක් නොව රටටද හිමිවන්නේ නරක දරුවෙක් බව කාගේ කාගේත් මොළවලට නොදැනී තිබී අවසානයේ ඔහු සමාජ පිළිලයක් වූ පසු ඔහුට බැන වැදී පලක් නැත. ඔහු අපරාධකරුවෙකු බවට පත්කර තිබෙන්නේ ඔහුගේ භාරකරුවන්, හිතවත් වැඩිහිටියන් මෙන්ම දුෂිත සමාජය විසින්මය.
කෙසේ නමුත් දරුවාට සිදු වූ සමස්ත සිද්ධි මාලාවත්, දරුවා වෙනුවෙන් පෙනී සිටි ගුරුවරුන්ට ආදී අයට සිදුව තිබෙන තර්ජන ගර්ජන ආදී සියලුම තොරතුරු නම් ගම් සහිතව සාක්ෂි සහිතවම සමාජ ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අප මේ වන විටත් සැලසුම්කර තිබේ.
දුෂිත ගුරුවරුන්, ඔවුන්ට උපකාර කරනා දුෂිත රාජ්‍ය නිලධාරීන් මෙන්ම තවත් දුෂිත දෙමාපියන් කණ්ඩායම් විසින්ම අප රටට විනාශකාරී දරුපරපුරක් බිහි කරමින් සිටින බැවින් උගත් බුද්ධිමත් සාධාරණ බලධාරීන් මේවා පිළිබඳව අවධානය යොමුකර ඒවාට අවශ්‍ය විසඳුම් ලබා නොදෙන්නේ නම් මතුපරපුර යනු ම්ලේච්ච පරපුරකි. එයට වගකිව යුත්තේ මේ පොඩි දරුවන් නොවේ. ඔවුන් එම අඝාදයට ඇද දැමු අද රටේ ගුරුවන්, රාජ්‍ය නිලධාරීන්, වැඩිහිටියන් පමණක් නොවේ ඔවුන් පත්කරගන්නා දේශාපලන නායකයන්ය.














































