“මේ දිනවල ආහාර සම්බන්ධයෙන් වැටලීම් වැඩි වශයෙන් සිද්ධ වෙනවා. නමුත් ඒ පිළිබඳ ව නිසියාකාරව ඒ ආයතන ක්‍රියා කරනවා දකින්න ලැබෙන්නේ නැහැ. දඩ මුදල් ගෙවලා නැවත ඇවිල්ලා පෙර පරිදිම ආහාර සකස් කරලා දෙනවා දකින්නට පුළුවන්. නිෂ්පාදනය කරන පරිශ්‍ර ඉතා අපිරිසිදුයි. පරිශ්‍ර පිළිබඳ කටයුතු කරලා ඒ පරිශ්‍ර පිරිසිදුව පවත්වාගෙන යෑම සඳහා නිවේදන නිකුත් කරලා නඩු පැවරීම් කටයුතු කරලා පරිශ්‍ර වල තත්ත්වය හොඳ තත්වයෙන් පවත්වාගෙන පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම ලංකාව පුරා පැතිරීගෙන යන බෝවෙන රෝග පාලනය කිරීම සහ දරුවන්ගේ ආහාර රටා පාලනය කිරීමට ආපන ශාලා ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කිරීමට පාසල් ආපනශාලා පරිශ්‍ර නිරීක්ෂණය කිරීම සහ අදාල නිර්ණායක ලබාදීමටත් පාසල් තුළ බලධාරීන් දැනුවත් කිරීමටත් එම පරිශ්‍ර තුළ ආහාර නිෂ්පාදනය කරන අය දැනුවත් කිරීමටත් නීතිය උල්ලංඝනය කරන අයට නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී දිගින් දිගටම කටයුතු කරනවා. මේ මොහොතේ කියන්නේ රටේ බෝවෙන රෝග ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා තමන්ගේ දරුවන්ගේ ආහාර රටාව ඉතා නිවැරදිව සෞඛ්‍ය සම්පන්නව සකස් කර ගැනීම සඳහා පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සහ දරුවන් ආශ්‍රිතව ආහාර විකුණන සහ අලෙවිකරණ ආයතන වල සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් විකිණීමට අවධානය යොමු කරන්න .අපි නිරන්තරයෙන් පරීක්ෂා කරලා බලලා අවශ්‍ය උපදෙස් දෙන්නත් නීත්‍යානුකූලව උල්ලංඝනය කරන අය සදහා නඩු පාරක් කටයුතු කරනවා. අපි දැන් පාසල් වල තියෙන ආපන ආපනශාලා දැඩි අධීක්ෂණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතිකමය ලියවිල්ලක් මේ පාසල් ආපනශාලා දරුවන්ට නුසුදුසු ආහාර ලබාදීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව පේන්න තියෙනවා දිගින් දිගටම උපදෙස් දුන්නත් බොහෝ පාසල් ආපනශාලා සෞඛ්‍යය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්නේ නෑ කියන එක තමයි පේන්න තියෙන්නේ ඒ නිසා අපි ඉදිරියේදී පාසල් ආපනශාලා වැටලීම සහ පරික්ෂා කිරීම සිදු කරනවා ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
මේ පිළිබඳව ,
සෞඛ්‍යය අමාත්‍යංශයේ පාසල් සෞඛ්‍ය අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආපන ශාලාවල අලෙවි කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා චක්‍රලේඛයක් ලෙස මේක ජාතික පාසල් ආපනශාලා ප්‍රතිපත්තියක් විදිහට එළි දක්වලා තියෙනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව අපට නීතිමය හැකියාව තියෙනවා ක්‍රියා කරන්න. උපදෙස් දීලා දිගටම ඒ උපදෙස් නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ඔවුන්ට පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට tender ලබාගැනීමේදීත් ඒවා ලබා නොදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන දෙකම එක්ව තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.”
ඉදිරියේදී නියාමනයක් වෙනවද පැහැදිලිවම –
“ඉතාම පැහැදිලිව ඉදිරි කාලය තුළ පාසල් ආපනශාලා ඉතා දැඩිව නියාමනය කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහෝ සුපිරි වෙළඳ සැල් සහ ඇතැම් සාමාන්‍ය වෙළඳසැල්වල පලතුරු සහ එළවළු වර්ග කපල අලෙවි කිරීමට කියලා තියෙනවා. විශේෂයෙන්ම අපට අනාවරණය වෙලා තියෙනවා දිගින් දිගටම පහුගිය කාලේ පුරාවටම පරීක්ෂණ වලදී සහ වැටලීම් වලදී නරක් වීම ආරම්භ වෙච්ච මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නරක් වුණු කොටස කපල ඉවත් කරලා අලෙවි කරන බවට දැන ගන්න ලැබිලා තියෙනවා. එසේ වුවහොත් ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ රස පරීක්ෂක පරීක්ෂකගේ සාම්පල් ලබා ගැනීමට ඒ සඳහා යොමු කරන්න පුළුවන් පාරිභෝගිකයින් එම ආහාර මිලදී ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න කියලා ඉල්ලනවා. ඔබ කපා සකස් කරන ලද ආහාර මිලදී ගන්නවා නම් එම ආහාරයේ නරක් වූ කොටසක් ඉවත් කර ඇති බව දක්නට ලැබෙනවා නං ආහාර පනත අනුව නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්.
මේ පිළිබඳව ,
ඔබ යම් පලතුරක් හෝ එළවළුවක් මිලදී ගන්නවා නම් සම්පූර්ණ ගෙඩි විදියට සම්පූර්ණ ඵලය විදිහට මිලදී ගන්න උත්සාහ කරන්න. එහෙම නැති වුණොත් කපා සකස් කරන ලද ආහාර මිලදී ගැනීමේදී ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැකි සෑම විටම සම්පූර්ණ ඵලය සහිතව මිලදී ගන්න උත්සාහ කරන්න.
කේටරින් සෝස් සහ අනෙකුත් සෝස් වර්ග සම්බන්ධව රජයේ රස පරීක්ෂකට sample අරගෙන අදාල උල්ලංඝනය සිදු වෙච්ච වර්ගයන්ට අදාළව නෛතික කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ දැන් පවතින ඒවා සම්බන්ධ වත් සම්බන්ධ වත් රස පරීක්ෂකට විශ්ලේෂණය සඳහා යවලා තියෙනවා.
කෘතිමව නිෂ්පාදනය කරන සෝස් වර්ග තියෙනවා. මිලදී ගැනීමේදී ලේබලය හොඳින් පරික්ෂා කරලා බලන්න. ස්වභාවික සෝස් වර්ග නම් නම් ඒකේ සඳහන් වනවා පලතුරු සහ එළවළු සහ අන්තර්ගතය පිළිබඳ සඳහන් වෙනවා. කෘතිම ඒ වගේ ඒ වගේ ඒකෙ කෘතිමව නිෂ්පාදනය කරපු එකක් කියලා කියලා සටහන් වෙනවා. කෘතිම සෝස් ද ස්වභාවික ඒවා ද කියලා ලේබල් බලලා ගන්න. කෘතිම සෝස් වර්ග දීර්ඝකාලීනව ආහාරයට ගැනීමේදී යම්කිසි ගැටලුකාරී තත්ත්ව වලට මුහුණ දෙන්න පුළුවන්.
පළතුරු වර්ග සහ එළවළු වර්ග කල් තබාගැනීම සඳහා භාවිතා කරන sodium nitrate වැනි දේ දීර්ඝ කාලීනව භාවිතා කිරීමේදී පිළිකා කාරක වීමට ඉඩ ඇති බව හඳුනා ගෙන තියෙනවා. ලංකාව වගේ නැවුම් පලතුරු පලතුරු සහ එළවළු මිලදී ගන්න පුළුවන් රටක කල්තබා ගන්න එළවළු පලතුරු ජෑම් සෝස් වර්ග මිලදී ගන්න කටයුතු කරනවා කියන්නෙම අපි අවදානමකට අත පානවා කියන එකයි. හැකි සෑම විටම ස්වභාවික මූලාශ්‍රවලින් සකසා ගන්නා ලද ආහාර භාවිත කරන්න කටයුතු කරන්න. යම් හෙයකින් කල්තබාගැනීමේ ද්‍රව්‍ය ගන්නවනං අවම කල්තබාගැනීමේ ද්‍රව්‍ය සහ අවම ආකලන ද්‍රව්‍ය එකතු කරපු ආහාර මිලදී ගැනීමට අපි උනන්දුවිය යුතුයි.
1999 වාර්තා වෙච්ච නිපා වෛරසය මැලේසියාවෙන්. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සහ මැලේසියාවේ තියෙනවා කියලා කියනවා. කෙසේ වෙතත් රෝගය පැතිරීමේ වේගයක් නැහැ කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ. covid-19 වගේ සීඝ්‍රයෙන් පැතිරෙන තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ වසංගත තත්ව හදයි කියලා අපිට අපේක්ෂා කරන්න බැහැ. කෙසේවෙතත් ලංකා වගේ රටකට මේ වෛරසය ඇතුළු නො වෙයි කියලා කිසිම සහතිකයක් දෙන්න බැහැ. ඉන්දියාව වගේ රටවල් එක්ක ලංකාව නිත්‍යානුකූලව වගේම නීත්‍යානුකූල නොවන ආකාරයෙනුත් සම්බන්ධතා පවත්වනවා. පුද්ගලයින් සාගරය හරහා මේ රටට ඇතුළු වෙනවා. ධීවරයින් හරහා ගනුදෙනු කරනවා භාණ්ඩ ප්‍රවානය කරනවා. හඳුනාගැනීමේ පහසුක මුත් අපට නැහැ. රෝගීන් හමු වුණොත් තමයි අපට දැනගන්න පුළුවන් වෙන්නේ. එය ගැටලුකාරී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් පාලවෙතත් පාලනය කරගන්න බැරි තරම් වසංගත තත්ත්වයක් ඇතිවෙයි කියලා විස්වාස කරන්නේ නැහැ. යම් හෙයකින් එවැනි තත්වයක් ඇතිවුණොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විදිහට අපි ඒකට මුහුණ දෙන්න සූදානම්.
පොලිස් දෙපාර්තුමේන්තුව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එකට වැඩ කරන්නෙ එහෙම කටයුතු කරනකොට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජකාරී පොලිස් දෙපාර්තුමේන්තුව කරන්න ගියොත් යම්කිසි අනවශ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පුහුණු වෙච්ච පොලිස් නිලධාරියෙක් ඉන්නවා ඉදිරියේදිත් ඕනේ නම් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපට ඒ පුහුනුවෙන් සහාය ලබා දෙන්න පුළුවන්. පොලිස් නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන්න සැකසීමට අපි එකඟතාවයක් නැහැ. අපි මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වලා තියෙනවා මූලික අධ්‍යාපන සුදුසුකම් තියෙන අයට පමණයි පුහුණු කිරීම් කරන්නේ. පොලිස් නිලධාරීන් ඒ සඳහා පුහුණු කිරීමට සංගමයක් විදියට අපි එකඟ නැහැ.”















































