ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කර තිබූ අතර මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවු බව මුදල් අමාත්‍යංශය සඳහන් කරන ලදී .
ඒ අනුව සති 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් හමුව හෙට (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ .














































