ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ කතාබහක් දුරදිග යෑමෙන් සිය පියාට පහර දුන් කාන්තා පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරියකි.
තමාට පොලිස් සැරයන්වරිය වන දියණිය පහර දුන් බවට පියා විසින් අහුන්ගල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල අනුව පොලිස් සැරයන් දියණිය සහ පැමිණිලිකාර පියා පොලිස් ස්ථානයට කැඳවා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දෙදෙනාම සාමදාන වීමට අකමැත්ත පල කර තිබේ.














































