හුංගම තලුන්න ප්‍රදේශයේ මාළු ලෑල්ලක් අසල දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධිවර කාර්මිකයෙකි.
ඝාතනය සිදුකර ඇතැයි සැලකෙන පුද්ගලයා වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයෙකු වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව ඇති බවට පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයා රුපියල් 30000 ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර සැකකරු එම මුදල ධිවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු හිමිකරුගෙන් ඉල්ලා ලබාදි ඇති හෙයින් එම මුදල අයිතිකරුට ලබා දෙන ලෙස කිහිප වතාවක් කියා සිටියත් එය පැහැර හැරීම හා රැකියාවට පවා නොයෑම හේතුවෙන් ඇති වූ උරණ විමක් මත දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවට පොලීසිය පවසයි.














































