මෙම වසරේ මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බවයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
විදේශ රැකියා නියුක්ති කාර්යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම නව රැකියා අවස්ථා අතරට ජපානයේ හා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ද ඇතුළත් බවයි.
තවද රැකියා සඳහා විදෙස් ගතවීමේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගැනීම තුළින් තම සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම ද අනිවාර්යය බව එම කාර්යංශය විසින් දැනුම් දී ඇත.
එමෙන් ම ඒ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කළ එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දේණිය මහතා සඳහන් කළේ එසේ ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව විදෙස්ගත වීම තුළින් එම රටවල්හි දී යම් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට ඇති හැකියාව සීමිත වන බවයි.














































