හෙට (03) සිට යළි සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමේ.
එසේ වසා දැමෙනුයේ විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන වන බවත් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ හෙට (03) සිට වසා දැමෙන තෙල් පිරිපහදුව යළි මෙම මස අවසානය වන විට යළි විවෘත කිරීමට හැකියාව ඇති බවයි.













































