දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (27) දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව සඳහන්.
තවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වයඹ , ඌව , නැගෙනහිර පළාත් වලට සහ මහනුවර , නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.














































