බුලත්සිංහල ,අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
22 හැවිරිදි තරුණයා හොරණ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම තරුණයා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමග දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සදහන්.
දියේ ගිලිණු මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන ප්‍රතිකාර සදහා ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































