කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා සිදුකෙරේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් නිකුත් කරන බවයි.
කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි පළකර ඇති බව සදහන්.
මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාළව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙයි.
දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකිය.














































