අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .
රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපිත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත බව සඳහන්.
රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන් ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින අතර, අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වේ.
බලපත්‍ර නොමැතිව ශ්‍රිපාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .