ATM යන්ත්‍ර ආශ්‍රිතව රැඳී සිටිමින් සිඟමන් යදිමින් එම මුදල් වලින් මත් කුඩු භාවිතා කරන කාන්තාවක් ඊයේ (29) හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
සැකකාරිය පොල් පොල්ගස්ඕවිට , පාලගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ මාස අටක් පමණ වයසැති පිරිමි දරුවා ද ඇයගේ ඇකයේ සිටි බව සඳහන්.
සැකකාරිය මීට මාස 10 කට පෙරදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර එහි සේවය කරන කාලය අතරතුරදී එම රූපලාවන්‍යාගාරය හිමි කාන්තාව සමඟ මත්කුඩු පානයට හුරුවී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇය ප්‍රකාශ කර ඇත්තේ දිනකට පැය තුනකට අධික කාලයක් මෙසේ සිඟමන් යදිමින් රුපියල් 2500 ක පමණ මුදලක් උපයා ගන්නා බවත් , එම මුදලින් දිනකට දෙවරක් මත් කුඩු භාවිතා කරන බවත්ය.
ඇය සඳහන් කර ඇත්තේ මත්කුඩු පානය කිරීම සඳහා එක් වරකට රුපියල් 600 ක මුදලක් අවශ්‍ය වන බවත් , ඒ අනුව දිනකට මත්කුඩු සඳහා පමණක් රුපියල් 1200 ක මුදලක් වැය වන බවත්ය.
එමෙන්ම ඇය ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස ATM යන්ත්‍ර ආශිතව සිඟමන් යැදීමේ නිරත වන බවත් , තම දරුවා ලැබීමට සිටි අවධියේ දී ඇයගේ ස්වාමි පුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
සැකකාරිය අද (30) හොරණ වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































