ඊයේ (29) පැවති ලෝක කුසලාන පෙරහුරු තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වූ කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ඇති වූ අපහසුතාව බරපතල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් අද (30) දින කුසල් ජනිත් පෙරේරාගේ උරහිස තක්සේරු කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ .
එමෙන්ම ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය වනවිට ඔහු සුවය ලබනු ඇතැයි කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂා කරන අතර කුසල් ජනිත් පෙරේරා ඔක්තෝබර් 03 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා විවේක ගැන්වීමට නියමිතව තිබේ.













































