උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ ජේ. රාජ්බායි නමැති 34 හැවිරිදි පුද්ගලයකු බව සදහන්.
මියගොස් ඇති පුද්ගලයා ඊයේ (30) අලුයම මීගම, දර්ගා නගරය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇදවැටී රෝහල්ගත කර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.