අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති බවත් , ඉන් එක් අයෙක් මියගොස් ඇති බවත් ය.
බඹර ප්‍රහාරයට ලක් වූ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා තවත් අයෙක් සමඟ ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඒ සඳහා බිලී පිත්තක් සාදා ගැනීමට වැව ආසන්නයේ කැලෑබඳ පෙදෙසට ගිය අවස්ථාවේ දී මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අසල තිබු වාඩියකට දිව ගොස් ඇති අතර එවිට වාඩියේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද බඹරු දෂ්ඨ කර ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ සිරුර වාඩිය අසල තිබී හමුව ඇති අතර, බඹර ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .