මෙලෙස මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් තමන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් , ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ ද මෙවර පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම සංගමය පවසන්නේ මෙලෙස ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මාස 06කට පමණ කාලයක් කිසියම් වැඩපිළිවෙලක් සකස් කර අවබෝධතා ගිවිසුමක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.