ඉන්දියාවේ රෝහලකදී එක් දිනක් තුළ මරණ 24ක් සිදුවීමේ පුවතක් වාර්තා වේ.
මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ශංකර්රාඕ රජයේ රෝහලෙන් එම මරණ වාර්තා වන අතර එසේ මියගිය පිරිස අතර අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකුද වන බව සදහන්.
අනෙක් 12 දෙනා විවිධ රෝගාබාධවලට ලක්වූ පිරිසක් වන බවත් ඉන් බහුතරයක් සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් තිබූ බව වාර්තා වේ.
අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලය නොසිටීම සහ ඖෂධ හිඟය එම මරණවලට හේතුව බවට එම රෝහලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.















































