කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇත.
ඒ සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 13,000 ඉක්මවා යෑමත් සමගය.
දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වූයේ ඒකක 13,076.91 වශයෙනි.
එමෙන්ම අද (05) දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 15.56 ක් ලෙසිනි.













































