මීට දින කිහිපයකට පෙර ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ සයමස් වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද (03) ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින අතරතුර නිවසේ ඇතිකරන සුනඛයා සිය කකුලෙන් ඇල්ලූ බවත්, ඒ සමඟ තමා කලබලවීම නිසා දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවත් මව එදින පොලීසියට පවසා තිබූ නමුත් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතා නිගමනය කළේ හිස් කබලට, මොළයට, උරස් කොඳුඇට පෙළට, පපුවට, උදරයට, සහ යටි හනුවලට මොට බලයක් යෙදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
ඒ අනුව ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව සඳහන් .