ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඊට අදාළ ලිපිය අද විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත භාරදී ඇති බව සදහන්.
අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවයි.
පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවද අමාත්‍යවරයා සිය පණිවුඩය මගින් සඳහන් කර තිබේ.













































