මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම මීට හේතු වී ඇති බව සදහන්.
කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන්.













































