පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 7ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ .
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ අතුරළිය සහ මුලටියන ප්‍රදේශවලට පළමු මට්ටමේ සහ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් මීට පෙර නිකුත් කර තිබූ අතර එම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, කහවත්ත සහ ගොඩකවෙල ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මීට පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඉඹුල්පේ ප්‍රදේශවලට පළමු මට්ටමේ සහ ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ සහ දෙහිඕවිට, යටියන්තොට සහ කෑගල්ල පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට දෙවන මට්ටමේ සහ ඇල්පිටිය ප්‍රදේශයට පළමු මට්ටමේ නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබේ.
තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල ප්‍රදේශයට නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර ඇති බව සඳහන් .
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල සීතාවක, මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .















































