ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙනයාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළ ගැස්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අභියෝග හමුවේ රට හැර යනවා ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවයි.
එමෙන්ම ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බවත් , සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදී .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කරමින් සදහන් ජළේ ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි .














































