කොළඹ වරාය තුළ ඩොලර් ගැටලුව හේතුවෙන් සිරව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු බහලුම් දහසකට අධික ප්‍රමාණ්‍යක් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මහබැංකුව වෙත ලබා දී ඇත.
ඒ අනුව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් මහ බැංකුව වෙත අද (06) භාරදීමට කටයුතු කළ බවයි.
වෙළඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාක්ච්ඡාවක් ද පැවති බවත් එහි දී ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් හෙට (07) දිනයේ නිකුත් කිරීමට තීරණය කළ බවත් ය.