අනුරාධපුර කල්ලංචිය – පුංචිකුලම ප්‍රදේශයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් එක් ඇතෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .
ගම්වාසීන්ගේ දැනුම්දීමකට අනුව අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වන ජීවි නිලධාරී කණ්ඩායමක් පැමිණ තුවාල ලැබූ ඇතා සොයා ඊයේ (05) පෙරවරුවේ සිට සෝදිසි කිරීම් ආරම්භ කළ අතර පසුව දැඩි පරිශ්‍රමයක් යොදා ඇතාව පුංචිකුලම රක්ෂිතයේ සිට සොයාගනු ලැබීය.
ඇතා හමුවන අවස්ථාව වනවිටත් ඇතාගේ හොඬට දැඩි ලෙස තුවාල සිදුවී ලේ පිටවීමක් සිදුවී තිබූ බව සඳහන් .
වනජීවි නිලධාරීන් සඳහන් කළේ ඇතාගේ හොඬට ශල්‍යකර්මයක් සිදුකළ බවයි.














































