තිස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් පහරදී ඔහුගේ පියා සහ නැන්දා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අද (07) උදෑසන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැළියගොඩ ,විජේනායක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ ඔහුගේ 68 හැවිරිදි සහෝදරියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අතින් පයින් පහර දී මෙම ඝාතනයන් සිදු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු කරනු ලබයි.
සැකකරු අතින් පහරකෑමට ලක් වූ ඔහුගේ පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.














































