ඉන්දියාවේ ඊසාන දිග සිකීම් ප්‍රාන්තයේ ඇතිවූ හදිසි ජල ගැලීම්වලින් සිදුවූ මරණ ගණන මේ වනවිට 53 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මෙම ජල ගැලීම්වලට හේතු වී ඇත්තේ ජලාශයක වාන් දොරටු විවර කිරීමත් සමඟ ටීස්ටා නදියේ ජල මට්ටම ඉහළ යාමයි.
එමෙන්ම එම ජල ගැලීම්වලින් තවත් 140 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 6000 කට අධික පිරිසක් අවතැන්ව ඇති බව සඳහන් .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ ජල ගැලීම්වලින් පීඩාවට පත්වී ඇති පිරිස 25,000 අධික බවත් , විපතට පත්වූ තවත් 10,000කට අධික පිරිසක් මුදා ගත් බවත් , එම ජල ගැලීම්වලින් නිවාස 1,173කට දරුණු ලෙස හානි සිදුවී ඇති බවත් ය.















































