ගෙල කඹයකින් ගැටගසා පහරදී වයෝවෘද්ධ කාන්තාවක ඝාතනය කර ඇති බවට බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ නමැති 75 හැව්රිදි කාන්තාවක බවට පොලීසිය පවසයි.
මියගොස් ඇති කාන්තාවගේ පුතා සහ ලේලිය විදේශ ගතව සිටින බවත් ඇය මෙහෙකාරිය සමග නිවසේ ජීවත්ව සිට ඇති බවත් පොලීසිය ප්‍රකාශ කර තිබේ.














































