උප්පැන්න, විවාහ, මරණ සහතික ලිවීමේදී නොසැලකිල්ලෙන් කටයුතු කරන රෙජිස්ට්‍රාර් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දීමත් සමඟයි.
අදාළ සහතික ලියන ඇතැම් අවස්ථාවල නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා දෝෂ සිදුවන බවට දැනගන්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබූ අතර ඒ අනුව උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල මුල් පිටපත්වල දෝෂ වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබේ .














































