හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානයේ නායක ශියාඩ් අල්-නකාලා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු සඳහන් කරන්නේ ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බවයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබෙන්නේ සෙනසුරාදා සිට මේ දක්වා ඇතිවූ සිද්ධීන් වලින් දෙපාර්ශ්වයේම 1,100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එතෙක් මෙතෙක් ඊශ්‍රායලයට එල්ලකළ දරුණුතම පලස්තීන ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර ඉන් ඊශ්‍රායල ජාතිකයින් 700කට අධික පිරිසක් මියගොස් ඇති බවත් , ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මරණ ගණන ද 400 ආසන්න බවත් සඳහන් .















































