ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නායයෑමේ රතු නිවේදන හෙට (10) පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත්තේ ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර ඇති බවයි.
එමෙන්ම ඊට අමතරව බදුල්ල ,කොළඹ ,ගම්පහ, හම්බන්තොට ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබේ.














































