ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරාය වෙත අද (10) දිනයේ පැමිණීමට නියමිතව තිබූ මගී යාත්‍රාව නොවැළැක්විය හේතුවක් නිසා නොපැමිණෙන බවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසා ඇති බව වාර්තා වේ.
අදාළ මගී සේවාව අද දිනයේ සිට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් එම යාත්‍රාව නොවැළැක්විය හැකි තාක්ෂණික හේතුවක් මත අද දිනයේ නොපැමිණෙන අතර එය ලබන බ්‍රහස්පතින්දා දිනයේ පැමිණිමට නියමිතව ඇති බව සදහන්.
මේ අතර මේ වසරේ පළමු මාස 08 තුළ ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් රුපියල් බිලියන 22ක ලාභයක් ලබාගෙන ඇති බවද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ඉන් රුපියල් බිලියන 10ක මුදලක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවයි.














































