ගාසා තීරයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් ගණන 900ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, ගැටුම් හේතුවෙන් ඊයේ (10) දිනය වනවිට දෙපාර්ශවයේම මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් ඇති බවයි.
ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශ හමාස් කණ්ඩායමෙන් යළි අත්පත් කරගත් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හමුදාව හමාස් විනාශකිරීමට සහ මැද පෙරදිග වෙනස් කිරීමට තිරසාර යුද්ධයක් ආරම්භ කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබුණි.
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ගොඩබිමින්, ගුවනින් සහ මුහුදු ප්‍රහාරයක් දියත් කරන බවට විදෙස් වාර්තා පවසයි.















































