ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලට මැදිව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපතිවරයාට පවතින වාතාවරණය හමුවේ එම සංචාරය නතර කිරීමට සිදුව ඇති බව වාර්තා වේ .
ඒ අනුව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව සිය සංචාරය නතර කර යළි පැමිණීමට සිදු වූ බවයි.
ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වූ අතර ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (11) දිනයේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඇතුළු නියෝජිතයන් බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි.
නමුත් එම ප්‍රදේශයට යළිත් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ විසින් තානාපතිවරයා හට දැනුම් දී තිබේ .
ඒ අනුව අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බව නිමල් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































