කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්‍රියේදී කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලීසියේ කොස්තාපල් වරයෙකුට ත්‍රීරෝද රථයක සිටි පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පයාගල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මීට පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කර ඇති බවත්, එම කාලය තුලදී ඇතිකර ගෙන ඇති ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බවත් සදහන්.
පැමිණිලිකාර කොස්තාපල්වරයා කළුතර කිතුලාව ප්‍රදේශයේ සිය හිතවතෙකුගේ නිවසකට පැමිණ සිටියදී රාත්‍රි ආහාර පාර්සලයක් ලබාගැනීම සදහා අවන්හලට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබේ.














































