කොළඹ ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් දේහය මාවනැල්ල සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කළ ගල්පොල සිරිනන්ද හිමියන්ගේ බවට හඳුනා ගනු ලැබූ බව වාර්තා වේ.
සිරි නන්ද හිමියන් අපවත් වන විට 38 හැවිරිදි වියේ පසු වී තිබේ.
සිරිනන්ද හිමියන්ගේ දේහය සම්බන්ධ වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
කොටුව පොලීසිය මෙම හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.














































