කුරුණෑගල නගරයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද (14) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගින්නෙන් අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සදහන්.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ යුද හමුදාවේ සාමාජිකයන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ අනාරක්ෂිත ලෙස තාවකාලිකව ඉදි කරන ලද වෙළෙඳසැලක් බවට කරුණු අනාවරණය වේ.














































