කෙටි කාලයකදී ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, මහනුවර, ඇතුළු ප්‍රධාන නගර කීපයක් ක්ෂණිකව ගංවතුර ගැලීම් ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
අන්තර් මෝසම් වැසි ලැබෙන කාලවලදී දිවයිනේ ඇතැම් ස්ථානවලට හදිසියේ වර්ෂාපතනයක් ලැබීම නිසා කුඩා ගංගා ද්‍රෝණිවල ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අනුව මහනුවර, කොළඹ, ගාල්ල, පුත්තලම වැනි නගර ආශ්‍රිතව කෙටි කාලයකදී අධික වැසි ඇතිවුවහොත් ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවාදානමක් පවතින බවද ඔහු පවසයි.
මෙවැනි හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවන බවට කල් ඇතිව පුරෝකථනය කිරීමේ හැකියාව ඉතා අවම බවද අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.
මේ නිසා නාගරික ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව පසුවීම වැදගත් බවද මෙවැනි අවස්ථාවල මාර්ගවල වාහන ධාවනය කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
මේ දිනවල ඇදහැළෙන වර්ෂාපතන තත්ත්වය යටතේ වාරි හා මහවැලි ජලාශවල සමස්ත ජල මට්ටම සියයට 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.














































