සැමියා සමග ඇති වූ බහින්බස්වීමකින් පසු ඊයේ (15) යාපනයේ කාන්තාවක් සිරුරට ගිනි තබා ගෙන මියගොස් ඇති බව වාර්තා වේ.
සැමියාගේ අනියම් සබඳතාවයක් හෙළි වීම නිසා කාන්තාව මෙසේ කටයුතු කර ඇති බව සදහන්.
අදාළ කාන්තාව වයස අවුරුදු 29ක යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලීසිය පවසන්නේ අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































