ඉන්දියාවේ ඉදිකරමින් පැවති දැවැන්ත ගුවන් පාලමක් කඩාවැටී ඇති බව වාර්තා වේ.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි දිස්ත්‍රික්කයේ Chiplun හි පාලමක් මෙලෙස කඩාවැටී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් මෙතෙක් වාර්තාවී නොමැති බවය.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙලෙස ඉන්දියාවේ ඉදිකරමින් පැවති පාලම් කඩාවැටීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබේ.















































