ව්‍යාපාරිකයින් සහ ගොවීන් වී තොග සඟවා තබා ගනිමින් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කොපමණ සහල් තොග සඟවාගෙන සිටිය ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
“අපිට සහල් හිඟයක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ තියෙන වී, සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයොත් ගොවීනුත් දන්නවා මේ යල කන්නයේ අස්වැන්න ලැබිලා තියෙන්නේ. මේක මාස පහකට විතර ප්‍රයෝජනයට ගන්න තියෙන නිසා, ගොවීන් වී ගෙවල්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම මෝල්හිමියොත් මේවා මෝල්වල තියා ගන්නවා. ඒ නිසා තමයි මේ පොඩි හිඟයක් මවා පාන්නේ. නමුත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය.. ඒ කියන්නේ අපි තමුන්නාන්සේලා කන සහල් තියෙනවා. බාස්මති රටින් ගෙන්න වෙයි. කීරි සම්බාවල හිඟයක් යම් ප්‍රමාණයකින් තියෙයි. අනික් සහල් ඇතිවෙන්න ප්‍රමාණවත්ව තියෙනවා. ඒ වගේම කොච්චර හංගගෙන හිටියත් පාලන මිලෙන් එහාට යන්න අපි සාමාන්‍ය මට්ටමේ හාල්වලට ඉඩදනේනේ නැහැ. පාලන මිලට අඩුවෙන් තමයි පවත්වාගෙන යන්නේ.”













































