ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් පාර්ලිමේන්තු කාරක සභාවකදී චන්දිම වීරක්කොඩි මහතාට කළ තර්ජනාන්විත ප්‍රකාශය ඇතුලත් හඬපටය පාර්ලිමේන්තුවෙන් පිටතට දිය නොහැකි බවට කතානායකවරයා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයේදී චන්දිම වීරක්කොඩි මහතා වරප්‍රසාද කමිටුවට යොමුකරනු ලැබූ මෙම වරප්‍රසාද කඩවීම පිළිබඳව පැමිණිලි කර ඇත්තේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ වරප්‍රසාද කමිටුවේ සභාපති ඇතුළු පිරිසකට වන අතර චන්දිම වීරක්කොඩි මහතා මෙම හඬපටය ඉල්ලා සිටියද එය ලබා නොදීම ඉතා ගැටලුකාරී තත්ත්වයක් බවට ලක්ෂමන් කිරිඇල්ල මහතා සහ විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කාරක සභාවකදී චන්දිම වීරක්කොඩි මහතාට තර්ජනය කර ඇති බවත් එසේ මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් බවත් ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂාකර දීමට කතානායකවරයාට පුර්ණ බලතල ඇති බවත්ය.
මේ පිළිබඳ අප ඉහතදී පළ කළ පුවත පහතින්,