අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන බව වාර්තා වේ .
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව පළාත, දකුණු පළාත සහ නුවර දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































