පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමටම ආණ්ඩුව දුර්වල වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු එහි දී සඳහන් කර සිටියේ ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පිළිනොගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් , මේ වන විට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර මත ගැටුමක් ඇති වී තිබෙන බවත් ය.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් , පොලීසිය භාර අමාත්‍යවරයාත් රටේ නොමැති අවස්ථාවක පොලිස්පතිත් නැති වූ විට රටේ ආරක්ෂාව ගැන වග කියන්නේ කවුරුන් දැයි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රශ්න කරන ලදී .
එහිදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට බවත් , මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොලිස්පතිවරයෙක් ලංකාවේ සිටින බවත් ය.














































