ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ.
එම කොමිසම කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දැනුම්දී ඇත්තේ ඊට අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙනි.
ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වනදා එම මුදල් සොයාගෙන තිබූ බව සදහන්.














































