කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන ත්‍රීරෝද රථ සොරාගෙන ඒවා මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සැකකරු මාස 8 ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා ත්‍රීරෝද රථ 21 ක් සොරා ගෙන තිබේ .
පොලීසිය පවසන්නේ එම ත්‍රීරෝද රථවලින් හයක් සහ ඉතිරි ත්‍රීරෝද රථවල සියලු කොටස් පොලීසිය මගින් සොයා ගත් බවත් , ත්‍රීරෝද රථයක් අඩු මුදලට විකිණීම සඳහා පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැල අනාවරණය වූ බවත් ය.














































