ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශවයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බවට එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවර අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.













































