අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් 21 වන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට 21 වන සෙනසුරාදා පස්වරු 5.00 සිට පසු දින එනම් 2023 ඔක්තෝබර් මස 22 වන ඉරිදා පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව සඳහන් .
ජාතික ජල සම්පාදන ඒකකය ප්‍රකාශ කර සිටින්නේ ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසයි.














































