අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රදේශයේ දී විනිසුරුවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.
එසේ ඝාතනය කර ඇත්තේ, ඇන්ඩෲ විල්කින්සන් නම් 52 හැවිරිදි ඇසෝසියේට් විනිසුරුවරයෙකි.
සැකකරු පෙඩ්‍රෝ ආර්ගෝටේ නම් අයෙකු වන අතර, සිය දරුවන් ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් එම විනිසුරුවරයා ලබාදුන් තීන්දුවක් හේතුවෙන් ඔහු ව ඝාතනය කර ඇති බව සඳහන් .
එම සැකකරු අදාළ නඩුවට බ්‍රහස්පතින්දා පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් විනිසුරුවරයා දරුවන් ගේ භාරකාරත්වය සැකකරු ගේ බිරිඳට පවරා තිබිණි.














































