ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බවට ඊශ්‍රායලය පවසා ඇති බව වාර්තා වේ.
එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවට ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසා තිබේ.
ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇතැයිද යුද විචාරකයෝ පවසති.
මේ අතර පලස්තීනුවන් මිලියන තුනක් පමණ ජීවත්වන බටහිර ඉවුරට ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර වැඩිකර ඇති බව සඳහන් .